SeedBox එකක් කියන්නේ මොකක් ද ?

සුභ දවසක් හැමෝටම .! අද මම කියලා දෙන්නේ SeedBox ගැන මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් SeedBox එකක් Linux VPS එකකින් සාදා ගන්න ආකාරය.

SeedBox එකක් කියන්නේ මොකක් ද ?

SeedBox එකක් කියන්නේ Torrent client Software එකක් Install කරපු සර්වර් එකකට. මේ සර්වර් වල ගොඩක් වෙලාවට තියෙන්නේ 100Mbps – 10Gbps අතර අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයන් එහෙම ස්පීඩ් එකක් සහිත Connection එකකින් තමයි Torrent අප්ලෝඩ් වෙන්නෙ. ඒ නිසා ඉතා අඩු  ස්පීඩ් එකක් තියෙන ලංකාව වගේ රටවල් වලට ටොරෙන්ට් සීඩ් කරන්න, ප්‍රයිවට් ටොරෙන්ට් සයිට් වල Ratio එක හදා ගන්න සීඩ් බොක්ස් එකක් භාවිතා කිරීමෙන් පුළුවන්

ඇයි SEEDBOX එකක් ඕන වෙන්නේ ?

SeedBox එකක් ඕනේ වෙන්නේ ඇයි කියලා කියලා දෙන්න කලින් Torrnet Download කරන්න පුළුවන් සයිට් දෙවර්ගයක් තියෙනවා ඒ ගැන පොඩ්ඩක් කියන්න වෙනවා.

1] Public Torrent Sites
2] Private Torrent Sites

1] අපිට මොකක් හරි Download කරන්න ඕනේ උනාම Torrent වලින් අපි කරන්නේ torrentz.eu වගේ Torrent Search Engine එකක Search කරන එක නැතිනම් isohunt , thepiratebay.org වගේ Torrnet සයිට් එක්ක Search කරන එක මේ සයිට් වලට කිසිම Register වීමකින් තොරව ඕනේ දෙයක් Download/Upload කරන්න පුළුවන් මේ සයිට් වලට කියන්නේ Public Torrent Sites කියලා.

2] තව Torrent සයිට් වර්ගයක් තියෙනවා Private Torrent සයිට් කියලා මේ සයිට් වල කිසිම දෙයක් Download කරන්න බෑ ඒ සයිට් වල Register වෙන්නේ නැතුව එහෙම Register වෙන්නත් ඉන්විටේශන් ඕනේ ඒ වගේම මේ සයිට් වල rules & regulation තියෙනවා ඒවා අකුරටම පිළිපදින්න ඕනේ ගොඩක් සයිට් වල ප්‍රධාන Rule එකක් තියෙනවා 1:1 Seed කරන්න ඕනේ කියලා. මේ සයිට් වල තියෙන ප්‍රධාන වාසිය තමයි මේ Torrent සයිට් වල Speed එක හා විශ්වාසනීය බව

දැන් කියලා දෙන්නම් SeedBox ඕන කරන්න ප්‍රධානම හේතුව මම කලින් කිව්වා නේ Private Torrent සයිට් වල Rule එකක් තියෙනවා 1:1 Seed කරන්න ඕනේ කියලා ලංකවේ තියෙන Internet Connection එකකින් Torrnet File එකක් Download කරලා Upload (Seed) කරනවා කියන්නේ ලේසි වැඩක් නමේ ලංකාවේ ගොඩක් Internet Connection වල Upload Speed එක 1Mbps වගේ තියෙන්නේ 4G Connection වලත්, ඉතින් SeedBox එකක් තියෙනවා නම් ඔය වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. මොකද ඒවගේ Download / Upload Speed වැඩි තව Torrent file Seedbox එකට Download කළාට පස්සේ ඔබේ Lap එකට හෝ Pc එකට Seedbox එකේ තියෙන Files Direct link වලින් Speed Download කරන්න පුළුවන් මමනම් මේ වැඩේට තමයි Seedbox එකක් භාවිතා කරන්නේ.

SeedBox වලට භාවිතා කරන Torrent Client Software

ප්‍රධාන වශයෙන් SeedBox වලට භාවිතා කරන Software 5ක් තියෙනවා.

1] Rutorrent – rutorrent තමයි ගොඩක්ම SeedBox වල භාවිතා කරන torrent client software එක. ගොඩක් service providers ල rutorrent තමයි එයාලගේ SeedBox client software එක විදිහට භාවිතා කරන්නේ. තව Addon එහෙමත් rutorrent වලට දාන්න පුළුවන් ඒවගෙන් විවිධ පහසුකම් ගන්න පුළුවන්.

2] Deluge – rutorrent වලට පස්සේ ජනප්‍රියම Seedbox Client Software එක Deluge මේකේ ඉක්මනින් Peers Connect වෙනවා ඒක නිසා අනෙකුත් Torrent Client Software වලට වඩා Seed වෙන ප්‍රමානය වැඩි ඒක නිසා මේ Client Software එක භාවිතා කරන්න ගොඩක් දෙනක් කැමතක් දක්වනවා.

3] µTorrent WebUi – මේක අපේ පරිගණක වල භාවිතා කරන µTorrent එකට සමානයි මේකේ තියෙන ලොකුම අවුල තමයි මෙකට Download කරන Files Direct link වලින් Download කරන්න බැරි එක VPS එකට VNC දාලා හෝ එහෙම නැත්තම් Filezila වලින් VPS එකට Connect වෙලා Torrnet File Download කරගන්න සිදු වෙනවා.

4] Transmission – මේක ගොඩක් Linux OS වල එන Torrent Client Software එකක්. මේක හැබැයි Seedbox වලට අඩුවෙන් භාවිතා කරනවා කියලා තමයි අන්තර්ජාලයේ සදහන් වෙන්නේ.

5] TorrentFlux – මේකත් Seedbox සදහා භාවිතා කරන Torrent Client Software එකක්.

Seedbox අන්තර්ජාලයේ මිළ දී ගන්න තියෙනවා නොමිලේ ගන්න පුළුවන් ඒවා තියෙනවා හැබැයි ඒවාගේ සිමා තියෙනවා ඒක නිසා Seedbox එකක් මිළ දී ගන්න එක තමයි හොද සාමානයෙන් මාසයක් සදහා Seedbox එකක මිළ $ 20 වඩා වැඩි ඉතින් පහසුම දේ අඩුවට ගන්න පුළුවන් තැනකින් හොද VPS සර්වර් එකක් මිළ දී ගෙන ඔබේම Seedbox එකක් හදා ගන්න එක. වෙබ් අඩවියක් Host කිරීම සදහා භාවිතා කරන VPS Server එකක උනත් මේ විදියේ SeedBox එකක් සාදා ගන්න පුළුවන් මම ඉදිරි පොස්ට් වලින් ඒවා ගැන කියලා දෙන්නම්.

මම ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් Seedbox එකක් VPS Server එකක සාදා ගන්නේ කොහොමද කියලා.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *